Home » Labor Welfare » Direct employment contracts

Labor Welfare

Direct employment contracts

 

Employers/ Sponsors who wish to employ a Migrant Domestic or Non-Domestic Worker (Male, Female) on a direct employment contract have to make an application to the Ministry of Labour in order to obtain the Pre-approval and the same shall be forwarded to the General Directorate of General Security to get the Entry Visa.

 

Documents to be produced at the Mission by the Employer/ Sponsor:

  • Agreement Letter with 3 Copies-to be filled at the Mission (The sample-Download)

  • Employee Passport copy

  • Copy of the Pre-approval and Entrance Visa (N.B. must be translated into English and certified by a Sworn Translator)

  • Copy of the Identity Card or Passport copy of the Sponsor. (Translated into English by a Sworn Translator)

  • Promissory Note by Notary Public certifying the minimum salary (i.e. 300 USD – vary according to the regulations imposed by Sri Lankan Government from time to time) with annual increment by 10% , Compulsory health insurance, contractual period (2 years), Cloths, Foods, Return Air Ticket to Sri Lanka

  • Sponsor’s financial status (i.e. Bank statement)

  • Sponsor’s profile 2 copies (Sample Download)

  • Letter from a Sri Lankan introducer who is living in Lebanon and her/his residence card’s copy or passport copy

  • Copy of Commercial Registration certificate (If the Sponsor is a S.A.R.L. Company) (English translation) – in the case of Non-Domestic recruitment only

  • Copy of Commercial Circular (If the Sponsor is a S.A.R.L. Company) (English Translation) in the case of Non-Domestic recruitment only

     

SLBFE Cash Receipts

A fee of 50 USD is charged from the Sponsor/ Employer as a contract charge.

Please note a deposit of 1000 USD is charged from the Sponsor/ Employer and it will be refunded at the termination of contract if the Sponsor/ Employer has fulfilled the procedure laid down by the Labour Section. (Male worker not applicable this deposit) Please keep in mind that the original receipt given to the payee must be produced in order to consider the refunding procedure.

 

A simplified note on the procedure after finalizing the needed documents:

  • The Original of the contract document is given to the Employer/ Sponsor and this document to be sent to prospective worker Sri Lanka in a safety manner and the same shall be carried to the Sri Lanka Bureau of Foreign Employment for further actions.

  • The Prospective worker has to undergo a compulsory training course conducted by the SLBFE (Sri Lanka Bureau of Foreign Employment), after which a certificate is awarded to successful employees. The Worker has also to undergo medical checkup by a Doctor/ Clinic approved by the SLBFE.

  • However, the training program is not essential for those workers have had previous experience working in abroad and have proof of such employment.

  • Sri Lankan workers who are seeking of overseas employment have to make a registration with the SLBFE. This registration is compulsory and the workers are entitled to obtain benefits that are laid down by SLBFE from time to time.


  

 

 රැකියා ගිවිසුම

 විදේශ රැකියාවේ සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීම

රැකියා ගිවිසුම් ගැන ඔබ දැනගතයුතු දේ:

විදේශ රැකියාවක් සදහා විදේශ ගත වන සියලුම දෙනා රැකියා ගිවිසුමක් අත්සන් කර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ලියාපදිංචි වන ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.

ලෙබනන් රටට යාමට බලාපොරොත්තු වන ගෘහ සේවිකාවන් සදහා රැකියා නියෝජිත ආයතනය විසින් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග ගිවිසුමක් අත්සන් කළ යුතුය.

 

පහත සදහන් ලියකියවිලි රැකියා ගිවිසුම ලියාපදිංචි කිරීම සදහා ඉදිරිපත් කළ යුතුය:

  1. රැකියා කොන්ත්‍රාත්තුව
  2. පැහැදිලි වර්ණවත් ගමන් බලපත්‍ර පිටපත්
  3. සම්පුර්ණ ජායාරෑපයක් (වර්ණවත්)
  4. කම්කරු අමාත්‍යාංශයේ අනුමැතිය (ඉංග්‍රිසි පරිවර්තනයක්)
  5. වීසා පිටපත් (ඉංග්‍රිසි පරිවර්තනය)
  6. වත්කම් පිළිබද වාර්තාවක්
  7. පොරොන්දු පත්‍රිකාවක් (ඉංග්‍රිසි සහ අරාබි භාෂාවෙන් - නොතාරිස් සහතිකයක්)
  8. සහතික කිරිමේ ලිපියක් (Assurance Letter)
  9. සේවායෝජකගේ පෞද්ගලික තොරතුර වාර්තාවක්
  10. සේවායෝජකගේ පවුලේ තොරතුරු වාර්තාවක්

 

ඔබ විදේශ ගතවන්නේ මිත්‍රයකු හෝ නෑදෑයකු විසින් එවනු ලබන වීසා බලපත්‍රයක් මගින් නම්

  1. තානාපති කාර්යාලය මගින් සහතික කළ රැකියා ගිවිසුම
  2. වලංගු ගමන් බලපත්‍රය
  3. වලංගු වීසා බලපත්‍රය

 

මෙම ගිවිසුමට අන්තර්ගතව ඇති කරුණු අතර:

  • වැටුප්
  • විවේක දින
  • නිවාඩු දින
  • වෛද්‍ය ප්‍රතිලාභ
  • වගකීම්
  • සුභ සාධක
  • කොන්ත්‍රාත්තුව අවසන්වීම
  • ආරවුල් නිරාකරණය
  • රැකියා මාරුවීම්
  • නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය ලබා දීම

 

කාර්යාංශ ලියාපදිංචිය:

1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත මගින් රැකියාවක් සදහා විදේශ ගතවන ශ්‍රමිකයන්ගේ සේවා නියුක්තිය නංවාලීමේ හා සංවර්ධනය කිරීම පරමාර්ථය ඇතිව කාර්යාංශය ලියාපදිංචිය සිදු කරනු ලබයි.

එම පරමාර්ථයන් පෙරදැරි කර ගනිමින් ලෙබනන් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ අප මෙරට සිටින ඔබගේ කාර්යාංශ ලියාපදිංචිය සිදු කරනු ලබයි.

 

එකම සේවායෝජකයකු යටතේ ඔබගේ විදේශ රැකියාව කරන්නේ නම් අවශ්‍ය ලියකියවිලි:

  • වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • වලංගු අකාමා බලපත්‍රය
  • ඇමරිකානු ඩොලර් 30 ක මුදලක්

 

ඔබ මෙරටට පැමිණීමෙන් පසු සේවායෝජක වෙනස් වුයේ නම්:

  • වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • වලංගු අකාමා බලපත්‍රය
  • රු 15200/- කට සරිලන ඇමරිකානු ඩොලර් අගය

 

මෙයට අමතරව ඔබ විදේශ ගතවු අවස්ථාවේදී කාර්යාංශ ලියාපදිංචිය සිදු නොකරන ලද පිරිමි ශ්‍රමිකයින් සදහා ද මේ වන විට කාර්යාංශ ලියාපදිංචිය සිදු කර ගැනීමට කටයුතු සුදානම් කර ඇත. ඒ සදහා පහත ලියකියවිලි ඉදිරිපත් කළ යුතුයි.

  • වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • වලංගු අකාමා බලපත්‍රය
  • සේවායෝජක හා ඔබ විසින් අත්සන් කරන ලද සේවා ගිවිසුම (කම්කරු දෙපාර්තමේන්තුව සහතික කරන ලද සේවා ගිවිසුම)
  • රු 15200/- කට සරිලන ඇමරිකානු ඩොලර් අගය

 

මෙයට අමතරව ඔබ විදේශ ගත වු අවස්ථාවේදී කාර්යාංශ ලියාපදිංචිය සිදු නොකරන ලද කාන්තාවන් සදහා ද මේ වන විට කාර්යාංශ ලියාපදිංචිය සිදු කර ගැනීමට කටයුතු සුදානම් කර ඇත. ඒ සදහා පහත ලියකියවිලි ඉදිරිපත් කළ යුතුයි.

  • වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • වලංගු අකාමා බලපත්‍රය
  • සේවායෝජක හා ඔබ විසින් අත්සන් කරන ලද සේවා ගිවිසුම (කම්කරු දෙපාර්තමේන්තුව සහතික කරන ලද සේවා ගිවිසුම)
  • පවුල් පසුබිම් වාර්තාව (මෙම වාර්තාව ශ්‍රී ලංකාවේ සිටින ඔබගේ ඥාතියකු විසින් සකසා (අදාළ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ අනුමැතිය ඇති කාර්යාංශයෙන් සහතික කර ගතයුතුයි)

 

 

« Back